STUDIO CONSULENTE පරිපාලන හා
 සංක්‍රමණ නීති උපදෙස් ආයතනය පිලිබඳ 

       ඉතාලි රජයේ ලියාපදිංචි පුද්ගලික ආයතනක් වන “Studio Consulente" පරිපාලන සංක්‍රමණ නීති උපදෙස් ආයතනය මගින් ඉතාලියේ පුද්ගලයින් සහ ආයතන සඳහා ඉතාලි සංක්‍රමණ නීතිය, අපරාධ නීතිය සහ සිවිල් නීතිය සම්බන්ධයෙන් නීති සහය සහ නීති උපදේශන සේවා. මුදල් ආයෝජනය පිළිබඳ උපදෙස්: ණයක් ලබා ගැනීමට උපදෙස් (නිවසක්, වාහනයක් මිලදී ගැනීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට), සුළු හා මධ්‍ය පරිමාණ වයාපාරයන්  සඳහා උපදේශන සේවා. පවුල් සම්බන්ධතා ගැටළු පිළිබඳ උපදේශන සේවා. ඔබගේ සිහින චාරිකාව පුද්ගලීකරණය කිරීමට  උපදෙස්. ඉතාලි භාෂා පාඨමාලා සහ සංක්‍රමණිකයන් සහ රාජ්‍ය පරිපාලන ආයතන අතර මැදිහත්වීම සහ සංක්‍රමණිකයන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු කිරීමට මැදිහත්වීම සදහා සහය වීම මුල් තැනක් ගනී.

ඉතාලියේ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම අභියෝගාත්මක කාර්යයක් සේ පෙනෙන්න පුළුවන්. ආරම්භ කරන්නේ කෙසේද, ගත යුතු පියවර මොනවාද, වළක්වා ගත යුත්තේ කුමක්ද, මේවා ඔබට ඇති ප්‍රශ්න සමහරක් විය හැක- කෙසේ වෙතත්, කරදර නොවන්න!  අත්‍යවශ්‍ය මගපෙන්වීම ලබා ගැනීමට අප Studio Consulente ආයතනයට යොමු වන්න. 

 

      ප්‍රධාන වශයෙන් පොලිස් මූලස්ථාන Questura, Carabinieri, Guardia di finanza, Polizia locale, ප්‍රාන්ත පරිපාලන පොලිස් ආයතන Prefettura (SUI), සරණාගත අයිතිය සඳහා වූ ජාතික කොමිශන් සභා (Commissioni territoriali), කොන්සියුලර් කාර්යාල, INPS, INAIL, ආදායම් බදු  ඒජන්සිය (Agenzia delle entrate), රේගු ඒජන්සිය (Agenzia delle dogane, Camera di comercio) වාණිජ මණ්ඩලය, (Comuni) මහ නගර සභා, (Catasto) ඉඩම් රෙජිස්ට්‍රි, (Tribunale) අධිකරණය, Equitalia, වැනි විශාල ප්‍රමාණයක රාජ්‍ය පරිපාලන ආයතන සමග සෘජුව සංබන්ද වීම මගින් අදාල පරිපාලන ගැටලු විසදාදීමට මැදිහත්වීම සිදුකරයි.

         මෙම නීති උපදේශන සේවා ආයතනය රක්ෂණ සමාගම්, මූල්‍ය ආයතන, නෛතික හා පරිපාලන යන ක්ෂේත්‍රයන්හි පලපුරුදු වෘත්තීය උපදේශකයන් විශාල ප්‍රමාණයකගේ වෘත්තිමය සහය සහිතව සේවා දායකයන්ගේ අවශ්‍යතා සහ ගැටලු හඳුනා ගැනීම සඳහා සෘජු මැදිහත් වීමක් සිදු කරයි.

 

    සමීර පොන්නම්පෙරුම

"Studio Consultante" නිර්මාතෘ සහ හිමිකරු, නිදහස් ව්‍යාපාරික සමීර පොන්නම්පෙරුම මහතා, ඉතාලියේ සංක්‍රමණ නීතිය ආශ්‍රිත සියලුම පරිපාලන ක්‍රියා පටිපාටි පිළිබඳ උපදේශකවරයකු ලෙස කටයුතු කරයි. වෘත්තිකයකු වශයෙන් තම පුද්ගලික මැදිහත්වීම හරහා ඉතාලියේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට සහ විදේශීය ප්‍රජාවන් හට ඉතා සාධාරණ මිල ගණන් යටතේ කාර්යක්ෂම සේවාවන් සැපයීමට සහයෝගයෙන්  කටයුතු කරන විශ්වාසවන්ත සහ විශේෂඥ වෘත්තික ජාලය (නීතිඥයින්, උපදේශකයින් සහ භාෂා පරිවර්තකයන්, සංචාරක නිර්මාණකරුවන්) හරහා සංක්‍රමණ ක්ෂේත්‍රයේ වසර 6 කට වැඩි කාලයක් මුළුල්ලේ ඉතාලියේ සේවා සැපයීම පුදිගලික ව්‍යාපාරයක් ලෙස සිදු කරයි.  (n. P.IVA 04806760239 - Ruolo periti ed esperti C.C.I.A.A. di Verona n. 611. - Sede di Verona: Vicolo Volto S. Luca, 18, 37122 Verona VR) 

 

Studio Consulente ආයතනයේ ප්‍රධාන පරමාර්ථ වන්නේ:

  1. ඉතාලියේදී  පුද්ගලයින්, ආයතන සහ සංක්‍රමණික ජනතාව සඳහා පරිපූර්ණ, විශ්වාසදායී සහ වඩාත්  නම්‍යශීලි මෙන්ම කාර්‍යක්ශම සේවයක් ලබා දීම;
  2.  සේවාදායකයන්ගේ විවිධ අවශ්‍යතා මත අංශක 360ක පුලුල් පරාසයක් ඔස්සේ සේවාවන් ලබා දීම සඳහා දිනපතා අඛණ්ඩ පුහුණුව හා නීතිය පිලිබඳ අධ්‍යනයන් සිදු කිරීම;
  3. ආයතනය විසින් ලබා දෙන්නාවූ සේවයන්හී ගුණාත්මකභාවය හා සංස්කෘතිය පිළිබඳ නිරවද්‍යතාවය වෙනුවෙන් වෘත්තීය මෙවලම් උපයෝගී කරගැනීම;
  4. විවිධ භාෂාවන් පිලිබඳ දැනුම හා ඩිජිටල් මාද්‍යය​ පිලිබඳ ඇති දැනුම හා නව තාක්ෂණයන් පිළිබඳ දැනුම තුළින් සේවාදායකයන් හට කඩිනම් විසඳුම් ලබා දීම;
  5. වසර ගණනාවක පලපුරුද්ද තුළින් සේවාදායකයන්ගේ සැබෑ ගැටලු වලට අදාළ පිලියම් හදුනා ගැනීම සඳහා උපාය මාර්ග සේවාදායකයා සමඟ එක්ව සැලසුම් කිරීම තුළින් කඩිනම් සේවාවක් සැපයීම;
  6.  කාලය හා පිරිවැය අඩු කිරීම තුලින් කාර්යක්ෂම සේවා පහසුකම් සැපයීම;
  7. සේවාදායකයන් හට උපදෙස් ලබා දීමට පෙර ඔවුන්ට සවන් දීම තුළින් ගැටලුව හොඳින් අවබෝධ කර ගැනීම;
  8.  සේවා කාලයේ නම්‍ය​ශීලීත්වයෙන් ආයතනයේ වර්ධනය හා පලදායිතාවය ප්‍රවර්ධනය​ කිරීම;
  9. සේවාදායකයන්ගේ පහසුව සඳහා පුලුල් පරාසයක් තුල සේවයන් ලබා දීම සඳහා විවිධ වෘත්තිකයන් සමඟ සමීප සම්බන්ධතාවයකින් හා ස්වාධීනව කටයුතු කිරීම;
  10. ඕනෑම කාර්‍යයකට අදාලව මූලිකවම මිල ගණන් (Preventivo) ලබා දීම තුලින් සේවාදායකයන් අප කෙරෙහි ඇති ව්ශ්වාසය වඩ වඩාත් තිවර කර ගැනීම​;
  11. කාලය හා පිරිවැය අඩු කිරීම තුලින් කාර්යක්ෂම සේවා පහසුකම් සැපයීම හා පරිපූර්ණ උපදේශන සේවාවන් ලබා දීම;
  12. දියුනු තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිතයෙන් අති නවීන හා කාලෝචිත සේවා පහසුකම් ලබා දීම;
  13. පලපුරුදු නීතිඥයින්, නොතාරිස්වරුන්, කම්කරු උපදේශකයින්, ගණකාධිකාරිවරුන්, සංස්කෘතික මැදිහත්කරුවන්, පරිවර්තකයින් සහ තවත් බොහෝ වෘත්තිකයන් සමඟ සහයෝගය තුළින් සේවාදායකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ගැනීම සඳහා මැදිහත්වීම;
  14. සේවාදායකයින්ගේ අවශ්‍යතා සඳහා කැපවීමෙන් සහ සුවිශේෂී අවධානයක් සහිත සේවාවක් සහතික කිරීම;
  15. ආයතනයේ හෝ පුද්ගලයන්ගේ රහස්‍යභාවය සහ වෘත්තීයභාවය සහතික කරමින් සේවාදායකයන් හට ඔවුන්ගේ අරමුණු කරා ලංවීම​ට අඩිතාලමක් වීම.

Il responsabile della protezione dei dati conformemente al Regolamento generale sulla protezione dei dati e alle leggi nazionali sulla privacy è il titolare Sameera Isanka Ponnamperuma n. P.IVA 04806760239 - Ruolo periti ed esperti C.C.I.A.A. di Verona n. 611. - Sede di Verona: Vicolo Volto S. Luca n. 18 Verona 37122 (VR) - Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192 - Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma - Cell: +393476660465 - Tel: 0459641873  E-mail: info@studioconsulente.it -  Pec: studioconsulente@pec.it  © Copyright. Tutti i diritti riservati.

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.