"Bella Ciao"
අරගලකරුවන්ගේ
 ගීතය සහ ඉතාලිය 

ඉතාලියේ ජීවත් වන කුඩා දරුවන්  පවා දන්නා ගීතයක් තිබේ නම්, එය "Bella ciao" ගීතයයි.

මේ දින වල අප මාතෘභුමියේද මේ  ගීතයේ තනුව ආශ්‍රිතව අරගලයේ "එනවාදෝ" "Bella Ciao Sinhala Version" සිංහල අනුවාදය නිර්මාණය වී තිබෙන අතර ඉතාලියේ ඉතිහාසය පිලිබඳ පාසල් කාලයේදී උගත් කරුණු කිහිපයක් පුදිගලික අදහස්ද සමඟ සටහන්  කරන්නට සිතුනේ  මේ ගීතය ශ්‍රවණය කිරීමත් සමඟයි.

"Bella Ciao" ගීතය මෑතකදී ලොව පුරා නැවතත් ජනප්‍රිය වූ කරුණක් තමයි මෙම ගීතය Netflix ආයතනය විසින් නිෂ්පාදනය කල "la casa di carta" හෙවත් "Money Heist" ටෙලි නාට්‍ය මාලාවේ යොදා ගැනීම.

"Bella Ciao" ගීතය ඉතාලියේ ගායනා කළේ කවුද? ඉතාලියේ ජාතික නිවාඩු දිනයක් වන "විමුක්ති දිනය"  එනම් අප්‍රේල් 25 වන දින සෑම චතුරශ්‍රයකම අපට මේ ගීතය ඇසෙන්නේ ඇයි?

මෙය තේරුම් ගැනීමට නම් අප  ඉතාලි මෑත ඉතිහාසයේ 1943 වර්ශයට යා යුතු වනවා. දෙවන ලෝක සංග්‍රාමයේදී, ෆැසිස්ට්වාදීන්ගෙන් "Fascisti" සහ "Nazisti" නාසීන්ගෙන්  මුදා ගැනීමට මේ රටේ  මුතුන් මිත්තන් තම නිවැස්  වලින් එලියට බැස ආයුධ සන්නද්ධ අරගලයක යෙදුනේ තම දරුවන්ගේ  සහ  ඉදිරි පරම්පරාවන්ගේ අනාගතය  වෙනුවෙන්  දිවි කැප කිරීමේ අරමුණින්.

 

 

1925 වර්ශයේ  සිට ඉතාලියේ  ෆැසිස්ට් පක්ෂයේ "Partito fascista" නිර්මාතෘ වන "Benito Mussilini" බෙනීතෝ මුස්සෝලිනි ඉතාලියේ ඒකාධිපති පාලනයක් ස්ථාපිත කොට  තිබුනා. 

මුල් කාලයේ ආර්ථීකමය  වශයෙන් සංවර්ධනයක් දක්නට තිබුන නමුත්, කාලය ගත වීමත් සමඟ  මෙම ඒකාධිපති පාලනය තුල "අතිශයින් ෆැසිස්ට් නීති" පනවා තිබු අතර මුස්සෝලිනි අණට එරෙහි වීමට කිසිවෙකුටත් ඉඩ  ලබා දුන්නේ නෑ. 

 කිසිවෙකුට  මුස්සෝලිනිගේ තීරණ විවේචනය කිරීමට පවා නොහැකි තත්වයක් උදා වූ අතර, ජනතාවගේ මුලික අයිතිවාසිකම් ඉතා දරුණු ලෙස උල්ලංඝනය  වුවා.

 මේ කාලයේදී මුස්සෝලිනි විසින් ඇඩොල්ෆ් හිට්ලර් සමඟ දෙවෙනි ලෝක මහා යුද්ධයට ප්‍රවිෂ්ට වු අතර යුද්ධය සඳහා යෙදවීමට සිදුවූ අධික වියදමද හේතුවෙන් බදු ඉහල යාම, අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැති වීම, ෆැසිස්ට්වාදීන්ගෙන් සහ නාසීන්ගෙ දරුණු පීඩන සමඟ ජීවත් වීමට ඉතාලි සාමාන්‍ය ජනයා හට සිදු වූවා.

මෙම තත්වයෙන් මිදීමට ඉතාලි සිවිල් ගැමි ජනයාගෙන් සමන්විත "Partigiani" හෙවත් ක්‍රියාකාරී  විරෝධතා ව්‍යාපාරයක් හරහා බලවේග සමූහයක් එකට එක් වුයේ, ෆැසිස්ට්වාදීන්ගෙන් සහ නාසීන්ගෙන් ඉතාලිය මුදවා ගැනීමේ අරමුණ ඇතිවයි.

පසුකාලීනව  පත් කරණු ලැබූ තාවකාලික ව්‍යවස්ථාදායක සභාවේ  "Consulta Nazionale" සහ ඉතාලි නිදහස වෙනුවෙන් සටන් කරනු ලැබූ ප්‍රධාන සාමාජිකයකු වූ පියෙරෝ  කලමන්ද්රේයි "Piero Calamandrei" කියා සිටියේ  

"මෙය විරුද්ධ වීමට කාලයයි; මෙය  මිනිසුන් වීමට කාලයයි. මෙය මිනිසුන් ලෙස මිය යාමට මිනිසුන් ලෙස ජීවත් වීමට කාලයයි

ලෙසයි.


 

 

මෙම විරෝධතා ව්‍යාපාරයට  ඉතාලි කොමියුනිස්ට් පක්ෂය, ඉතාලි සමාජවාදී පක්ෂය, ඉතාලි ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, කම්කරු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ලිබරල් පක්ෂය  ප්‍රධාන වශයෙන් දායක වුවා.

ඉතාලි සිවිල් ජනයාගෙන් සමන්විත "Partigiani" හෙවත් ක්‍රියාකාරී  විරෝධතා ව්‍යාපාරයේ සාමාජිකයන්ගේ ගීතය වුයේ "Bella Ciao" ගීතය  බව ඉතාලි ඉතිහාසය පිලිබඳ විශේෂක්ඥයන්ගේ මතයයි.

එංගලන්තය සහ ඇමරිකාව විසින් යුධමය වශයෙන් ෆැසිස්ට්වාදීන්ගෙන් සහ නාසීන්ගෙන් ඉතාලිය මුදවා ගැනීමට පැමිනීයේ මෙම "Partigiani" හෙවත් ක්‍රියාකාරී  විරෝධතා ව්‍යාපාරයට සහය ලබා දෙමින්.

බෙනීතෝ මුස්සෝලිනි ගේ ඝාතනයත්, අවසානයත් සමඟ ඇඩොල්ෆ් හිට්ලර්න් විසින් ඉතාලිය අත්පත් කර ගැනීමෙන් පසු එංගලන්ත - ඇමරිකා හමුදාව සමඟ මෙම "Partigiani" හෙවත් ක්‍රියාකාරී  විරෝධතාකරුවන් විසින් සතුරන්  පරාජය කරනු ලැබුවා.

ඉතාලි ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබූ එම දිනය වුයේ 1945 අප්‍රේල් 25 වනදායි.

"Bella Ciao" ගීතය  ජිවිත පුජා කල සහ  අරගලයට දායක වූ  සටන්කරුවන් කළ කැපකිරීම් සිහි කිරීමට ඉතාලියේ සෑම අප්‍රේල් 25 දිනකම වාදනය කරනු ලබනවා. 

කෲර පාලකයන් සහ මිනීමරුවන් ඉතිහාසයේ පටන් සිටි අතර, ඒ  ඒ කාලයන්හීදී ඔවුන් පරාජය කළ නොහැකි බවක් පෙනෙන්නට තිබුණත් අවසානයේ ඔවුන් සෑම විටම නෙරපා දැමීමට සත්‍යයේ සහ ප්‍රේමයේ මාවත සැමවිටම ජයගෙන තිබෙන බව මෙයින් පැහැදිලියි.


 www.studioconsulente.it

- [ ] Praticante Avvocato Abilitato Ordine degli avvocati di Verona Sachini Warnakulasuriya 
- [ ] STUDIO CONSULENTE Sameera Ponnamperuma 
- [ ] Ital Lanka Associazione Onlus 
+39 388 6279735
©️ copyright, all rights reserved 
Legge sulla protezione del diritto d’autore n. 633 del 22.04.1941
È vietata qualsiasi utilizzazione, totale o parziale dei contenuti senza previa autorizzazione di Ital Lanka Associazione Onlus.

 

Il responsabile della protezione dei dati conformemente al Regolamento generale sulla protezione dei dati e alle leggi nazionali sulla privacy è il titolare Sameera Isanka Ponnamperuma n. P.IVA 04806760239 - Ruolo periti ed esperti C.C.I.A.A. di Verona n. 611. - Sede di Verona: Vicolo Volto S. Luca n. 18 Verona 37122 (VR) - Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192 - Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma - Cell: +393476660465 - Tel: 0459641873  E-mail: info@studioconsulente.it -  Pec: studioconsulente@pec.it  © Copyright. Tutti i diritti riservati.

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.